එළඹෙන 19 වනදා සිට නැවත වෘත්තීය ක්‍රියාමර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ්  පවසයි.

නිරූපණ ක්ෂේත්‍රයට බඳවාගන්නා බවට මුහුණු පොතේ දැන්වීම් පළ කරමින්  තරුණියන් හෝටල් කාමර වෙත ගෙන්වාගත් නුවර රජවැල්ලේ හොර වෛද්‍යවරයෙකු  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14කින් ඉහළ ගොස් තිබෙන බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය සඳහන් කළාය.

2023 වර්ෂයේදී රැදවියන්ගේ ශ්‍රම දායකත්වයෙන් කෘෂිකර්ම සහ කර්මාන්ත අංශය මඟින් රුපියල් මිලියන 116ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම ඉදිරි ජනාධිපතිවරණයට ද එජාප පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව තම භූමියේ චීන හමුදා කඳවුරක් පිහිටුවීමට සැලසුම්කර ඇති බවට එක්සත් ජනපද බුද්ධි අංශ විසින් මෑතදී කරන ලද ප්‍රකාශයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ.

මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර සිදුවී තිබේ.

මිනිස් ජීවිතවලට අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති සුනඛ වර්ග 23ක් සුරතල් සතුන් ලෙස ඇති කිරීම, අභිජනනය කිරීම සහ විකිණීම තහනම් කරමින් ඉන්දියාවේ මධ්‍යම රජය විසින් ප්‍රාන්ත සියල්ල වෙත නියෝගයක් නිකුත් කර ඇත.

රික්ටර් මාපකයේ 5.8ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක්, ජපානයේ ෆුකුෂිමා හිදී සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

කිසිදා ගිල්විය නොහැකි යැයි පැවසූ සුඛෝපභෝගී ටයිටැනික් නෞකාව පුද්ගලයින් 1500කට මරු කැඳවමින් 1912 වසරේ අප්‍රේල් 15 වැනිදා අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේ දැවැන්ත අයිස් කුට්ටියක ගැටී අනතුරට ලක්වීමෙනි.

Connet With Us