සය පුද්ගල ඝාතනයේ සැකකරුගේ නිවැරදි නම හදුනා ගනී - රෝහල් ගතව සිටින දනුෂ්කගේ සහයට සහෝදරයත් පියත් කැනඩාවට

Published in පුවත්
Friday, 15 March 2024 08:27

ශ්‍රී ලංකික මව හා කුඩා දරුවන් හතර දෙනෙකුත් තවත් 40 හැවිරිදි පුද්ගලයෙකුත් කැනඩාවේ ඔටාව හි බර්හෙන් පෙදෙසේදී ඝාතනයට ලක් වුයේ පසුගියාදය .

එම පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ සහ ඝාතනයට ලක් වූ ඔහුගේ බිරිද සහ දරුවන් සිවු දෙනා සමග නිවසේ එකට වාසය කරමින් සිටි ශ්‍රී ලංකික 19 හැවිරිදි සිසුවෙකු වන ෆෙබ්රියෝ ඩි සොයිසාට ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඊට අදාල වන අධිකරණ කටුයුතු ඊයේ දින පැවති අතර එහිදී සැකකාර ෆෙබ්රියෝ ඩි සොයිසා දුරකථනය මගින් සම්බන්ධ වී ඇත ..

නඩුව ඊයේ දිනට මිනිත්තු හතරක කෙටි කාලයක් සදහා පැවති ඇති අතර එහිදී නැවතත් නඩු විභාගය මාර්තු 28 දක්වා කල් ගොස් ඇති අතර එතෙක් ෆෙබ්රියෝ ඩි සොයිසා ව රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට අධිකරණය විසින් නියෝග කර ඇත .

නඩු විභාගයෙන් අනතුරුව වාර්තාකරුවන් ඇමතු ෆෙබ්රියෝ ඩි සොයිසා වෙනුවෙන් පෙනීසිටින නීතිවේදියා තමන් බන්ධනාගාරයට ගොස් හා ඊට අමතරව වීඩියෝ තාක්ෂනය හරහාද සැකකරුව මුණගැසුණු අතර ඔහු හොදින් සිටින බවත් එමෙන්ම සැකකරුගේ දෙමාපියන් සමගද තමන් සබදතා ඇතිකරගෙන තිබෙන බවත් මෙම සිදුවීම සම්බන්ධව සැකකරුගේ දෙමාපියන් දැඩි ශෝක වන බවත් ඔවුන් සිටින ස්ථානය තමන්ට හෙළි කල නොහැකි බවත් වාර්තා කරුවන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණි .

එහෙත් විත්තිකාර ෆෙබ්රියෝ ඩි සොයිසාගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ පදිංචිව නොමැති බවටත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණු ..එසේම විත්තිකරුගේ මානසික තත්වය සම්බන්ධව පරික්ෂා කිරීමට මේ මොහොතේ අධිකරණයෙන් ඉල්ලා නොමැති බවත් ඒ සම්බන්ධව ඉදිරියේ සලකා බලන බවටත් වර්තා කරුවන්ට දැනුම් දී ඇත .

විතිතිකර ෆෙබ්රියෝ ඩි සොයිසා දැනට වසර දෙකකට පෙර කැනඩාවට ජාත්‍යන්තර සිසුවෙකු ලෙස පැමිණ ඇති අතර මෙම අපරාධය කිරීමට යම් කාලයකට ප්‍රථම මෙම නිවසේ පදිංචියට පැමිණ ඇත .
දැනට තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ධනුෂ්ක වික්‍රමසිංහ හා විත්තිකාර ෆෙබ්රියෝ ඩි සොයිසා එකම පාසලක අධ්‍යාපනය ලැබීමෙන් අනතුරව හදුනා ගෙන ඇති අතර තවත් වාර්තා පවසන්නේ ඔවුන් දෙදෙනා එකම නිවසක යම් කාලයක් කුලී පදනම මත වාසය කර ඇති බවයි .

පසුව 2023 දී ධනුෂ්ක වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ වාසය කල තම බිරිද හා දරුවන් තිදෙනා කැනඩාවට ගෙන්වාගෙන ඔටාව හි නිවසක් කුලියට ගෙන එහි වාසය කිරීම අරඹා ඇත ..
මේ අතරතුර ෆෙබ්රියෝ ඩි සොයිසා තම නවාතැනේ රැදී සිටි ඇති අතර ඔහුට එම නිවසින් පිටත්ව යාමට සිදුවීම මත දිනක් ධනුෂ්ක වික්‍රමසිංහ මුණගැසීමෙන් අනතුරුව ඔහුගේ නිවසේ පදිංචියට පංඉනක් ඇත .

විතිතිකාර ෆෙබ්රියෝ ඩි සොයිසාගේ අධ්‍යාපන ලැබූ පාසැල පවසන්නේ ඔහු දෙසැම්බර මාසයෙන් පසුව අධ්‍යන කටුයුතු සදහා පැමිණ නොමැති බවයි ..
දැනට තුවාල ලබා රෝහල්තව සිටින ධනුෂ්ක වික්‍රමසිංහ ට ශල්‍යකර්ම දෙකක් සිදුකර ඇති අතර ඔහුට සහය වීම සදහා ඔහුගේ සහෝදරයට හා පියා කැනඩාවට පැමිණ ඇත .

එසේම මරණයට පත් දර්ශනී ඒකනායක හා දරුවන්ගේත් ගාමිණී නම් අනෙක් පුද්ගලයගේත් අවසන් කටුයුතු මේ සතිය තුල පැවැත්වෙනු ඇති බවත් බොහෝ විට ඉරිදා දින එම අවමගුල් කටුයුතු පැවැත්වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

සැලකිය යුතුයි ..
විත්තිකර ෆෙබ්රියෝ ඩි සොයිසාගේ නම මුලදී ඔටාව පොලිසිය භාෂා ගැටළු මත සිදුවීම ආසන්නයේ වරදවා ෆ්‍රෑන්ක් ඩි සොයිසා ලෙස සටහන් කිරීම හේතුවෙන් අප හට ද එම නම භාවිතා කිරීමට සිදුවුවත් නිවැරදි නම ෆෙබ්රියෝ ඩි සොයිසා ලෙස තහවුරු වී ඇත.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us