අද කාලගුණ නිවේදනය

Published in පුවත්
Wednesday, 13 March 2024 10:05

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කිරිපිටි අඩුවෙයි

Published in පුවත්
Tuesday, 12 March 2024 19:54

ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රානාන්දු ප්‍රකාශ කරයි.

පවතින අධික උෂ්ණත්වයත් සමග දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කළයුතු ආකාරය දැනුම්දෙමින් යළිත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

රජයට අයත් පූර්ණ ස්වයං මුල්‍ය උත්පාදන ආයතනයක් වන සීමාසහිත ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව විද්‍යායතනය (NSBM) විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබෙයි.

අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

සංචාරක ව්‍යාපාරය තවදුරටත් නංවාලීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රථම වරට වෙරළබඩ ප්‍රදේශ හතරක් නිල් කොඩි වෙරළ ( Blue Flag beaches) ලෙස සහතික කරගැනීම සාර්ථක වන බව ලකුණු පහලව ඇති බව වාර්ථාවෙයි.

ටික්ටොක් මව් සමාගම අමෙරිකාව තුළ තහනම් කිරීමේ හෝ එහි මෘදුකාංග අලෙවි කිරීම තහනම් කිරීමේ පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචන සිදුකර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති ටී.සී.ඒ. ධනපාල යන අයව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.

කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගම්මිරිස් ඇතුළු කුළුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සඳහා මෙරටට ආනයනය කිරීමට අවසර දීමට රජය විසින් පළ කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

Connet With Us