ගුරු කවුන්සිලයක්,ඉංග්‍රීසි මාධ්‍ය පාසල් සංඛ්‍යාව ඉහළට, විභාග සහතිකවලට අමතරව වෙනත් කුසලතා සහතික සෑම සිසුවෙකුටම Featured

Published in පුවත්
Tuesday, 12 March 2024 13:00

අධ්‍යාපනය වත්මන් ආර්ථික පරිවර්තනයේ අත්‍යවශ්‍යම මූලාංගයක් ලෙස සලකා රජය විසින් එහි ප්‍රගමනය වෙනුවෙන් සකස් කරන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ (11) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරු 08 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විතය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙහි කෙටි කාලීන සහ මධ්‍ය කාලීන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලීන් අඩංගු වන අතර, වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු වඩාත් වැදගත් සහ කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ගුරු සහතිකකරණය කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම ඇතුළුව අනෙකුත් පිළිගත් වෘත්තීන්හි මෙන් ගුරු සේවයේ තීරණ ගැනීම සහ වෘත්තීයකරණය සඳහා ගුරුවරුන්ගේ සක්‍රීය දායකත්වයක් ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස ජාතික ගුරු කවුන්සිලයක් (National Council for Teachers) පිහිටුවීම සඳහා පනතක් කෙටුම්පත් කර මාසයක් තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

මෙම කවුන්සිලය මඟින් ගුරු වෘත්තිය ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තියක් බවට පරිවර්තනය කිරීම, ගුරු වෘත්තීමය ගුණාංග වැඩිදියුණු කිරීම, ගුරුවරුන් සඳහා නිශ්චිත වෘත්තීය මාර්ගයක් (professional pathway) ඇතුළු මනාව නිර්වචනය කරන ලද වෘත්තීය සංවර්ධන රාමුවක් හඳුන්වා දීම, නැගී එන වෘත්තීය තත්ත්වයන්ට අනුකූලව ගුරු වැටුප් ව්‍යුහය ඇගයීම, කීර්තිමත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හඳුනාගෙන ඔවුන්ට ත්‍යාග පිරිනැමීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම වැනි අවශ්‍යතා සපුරනු ඇත.

2000 වර්ෂයේ සිට පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් 08ක් ඉගැන්වීම ආරම්භ කරන ලද නමුත් එදින සිට මේ වන විට වසර 24ක් ගතවී ඇතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්වීම සිදුවනුයේ පාසල් 765ක පමණි.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විශාල ඉල්ලුමක් සමාජයේ පවතින බැවින් ඊයේ පැවති ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේදී මෙම පාසල් සංඛ්‍යාව 1,000 දක්වා වැඩි කරන ලෙස දැනුම් දෙන ලදී. එමඟින් 2025 වසර වන විට අවම වශයෙන් සිසුන් 200,000ක් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.

මෙම කාර්යය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අළුතින් ගුරුවරුන් 2,500කගේ සේවය ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දුන් අතර මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමේ හදිසි අවශ්‍යතාවය සලකා බලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයයන් ඉගැන්විය හැකි සුදුසුකම්ලත් විශ්‍රාමික ගුරුවරුන් 1,000ක් වසර 3ක කොන්ත්‍රාත් කාලයක් සඳහා කඩිනමින් බඳවා ගැනීමටද, ඒ අතර තුර, විවෘත තරඟ විභාගයක් මඟින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි උපාධිධාරීන් 1,100ක් අදියර වශයෙන් බඳවා ගැනීමටද උපදෙස් දුන්නේය.

දැනට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරුන් පුහුණු කරනු ලබන විද්‍යාපීඨයන්ගෙන් පුහුණුව ලබා පිටවීමට නියමිත විද්‍යාපීඨ ගුරුවරුන් 400ක්ද මෙයට අන්තර්ගතවනු ඇත.

කනිෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය මෙන්ම ජ්‍යෙෂ්ඨ ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසුන්ට මේ වන විට ලබා දෙනු ලබන පාසල් හැරයාමේ සහතිකයට අමතරව සිසුවකු විසින් වසර ගණනාවකදී පාසල තුළ දක්වන විවිධාකාර දක්ෂතා මෙන්ම හදාරණ ලද විෂයයන් පෙන්නුම් කරන කිසිදු ගුණාත්මක සහතිකයක් සිසුන්ට හිමි නොවේ. ඒ අනුව, මේ වසරේ සිට ක්‍රියාත්මකවන පරිදි, ජාතික විභාග ප්‍රතිඵල දක්වන සහතිකවලට සීමා නොවී පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමේ සහතිකයක් (Certificate of Completion) සෑම සිසුවකුටම ලබා දීමටද මෙහිදී ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන ලදී.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් නිලධාරීහූ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us