මෙරට වෙරළ තීර 4 කට ජාත්‍යන්තර නිල් කොඩි ගැසීමේ වෑයමක්

Published in පුවත්
Tuesday, 12 March 2024 11:49

සංචාරක ව්‍යාපාරය තවදුරටත් නංවාලීම සඳහා මෙම වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව ප්‍රථම වරට වෙරළබඩ ප්‍රදේශ හතරක් නිල් කොඩි වෙරළ ( Blue Flag beaches) ලෙස සහතික කරගැනීම සාර්ථක වන බව ලකුණු පහලව ඇති බව වාර්ථාවෙයි.

ඒ අනුව ගාල්ල උණවටුන, ආරුගම්බේ, පාසිකුඩා සහ බෙන්තොට යන වෙරළ තීරයන් ජාත්‍යන්තරව පිළිගත් නිල් කොඩි වෙරළ බවට පත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) ප්‍රකාශකයෙකු සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ නිල් කොඩි වෙරළ පිහිටුවීමට අදාළ කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මේ වන විට අවසන් කරමින් සිටින බව ඔහු පැවසීය.

නිල් කොඩි වෙරළ ලෝකයේ පිරිසිදුම වෙරළ ලෙස සැලකේ. එය සංචාරකයින්ට සහ වෙරළට යන්නන්ට පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න නාන ජලය, පහසුකම්, ආරක්ෂිත සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සහ ප්‍රදේශයේ තිරසාර සංවර්ධනයක් ලබා දීමට උත්සාහ කරන පාරිසරික සංචාරක ආකෘතියකි. මුහුදු වෙරළ ආශ්‍රිතව ගත කිරීමට නැමැති සංචාරකයන් ඒ සඳහා ඇති තත්ව සහතිකයන් ගැන උනන්දු වීම සාමාන්‍ය තත්වයක් වන අතර මෙතෙක් ශ්‍රී ලංකාව තුළ එවැනි ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් ක්‍රිත්මක නොවුණි. එහෙත් ලොක්ය පුරා නිල් කොඩි සහතික ලත් වෙරළ තීරයන් ගනනාවක් නම් කර තිබෙන අතර ඒ සඳහා සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වේ.

කෙසේ නමුත් මෙරටට පැමිණෙන බොහො විදේශකයන් මෙරට මුහුදු තීරයේ ඇති සුවිශේෂත්වයන් නිසා මෙරටට පැමිණෙන බවත් නිරීක්ෂණය වේ. එම නිසා මෙම නිල් කොඩි සහතිකය ලබා ගැනීම මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සම්බන්ධයෙන් වැදගත් කරුණකි.

 

 

සැබැඳි පුවත්- 

සමුද්‍ර දූෂණයේ 5 වන විශාලම රට, BLUE FLAG ගැනීමේ උත්සාහයක

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us