සමුද්‍ර දූෂණයේ 5 වන විශාලම රට, Blue Flag ගැනීමේ උත්සාහයක

Published in පුවත්
Monday, 15 January 2024 11:37

සමුද්‍ර සංරක්ෂණයේ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස දිවයිනේ වෙරළ තීරය, තිරසාර වෙරළ තීරයක් ලෙස ලොවට ප්‍රදර්ශනය කෙරෙන නිල් කොඩි සහතිකය (Blue Flag Certificat) ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.

වෙරළ තීරයේ තිරසාරභාවය, වෙරළ භාවිතා කරන්නන්ගේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාවට අමතරව අභ්‍යන්තර ජල මූලාශ්‍ර පිරිසිදු බව සහ පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ මෙම ජාත්‍යන්තර සහතිකය, වැදගත් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අවධාරණය කරයි.

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුහුදු ජලය දූෂණය කරන පස්වන විශාලතම රට ශ්‍රී ලංකාවය. මේ නිසා තිරසාර වෙරළ තීරයන් සහතික කිරීම දැඩි අවහ්‍යතාවයක් වන අතර මේ වන විට ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිර්දේශය මත ජාත්‍යන්තර සමුද්‍ර සංචාරක උපදේශකවරියක වන ඇලී ඩ්‍රැගෝසෙට් මහත්මියගේ සේවය ද ලබාගෙන ඇත.

දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා සඳහන් කළේය. මෙම ප්‍රදේශවල දියේ ගිලී යෑම් වැඩි වීම හේතුවෙන් වෙරළාරක්ෂක බළකාය සඳහා තෝරාගත් ජීවිතාරක්ෂක ඒකක සහ වේදිකා ස්ථාපිත කිරීම අවශ්‍යව ඇත.

දකුණු හා නැඟෙනහිර වෙරළ තීරයට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ මෙම වෙරළ තීරය ආශ්‍රිතව ශ්‍රම බලකාය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ද මතුව ඇති අතර ඒ සඳහා අවශ්‍ය පුහුණුව මෙම ආයතන මගින් සිදු කරනු ඇත. මෙම වසරේ අප්‍රේල් හෝ මැයි මස පමණ වන විට මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් වේ.

වර්තමානයේ වෙරළසන්න හෝටල්වල ජීවිතාරක්ෂක ඒකක ඇති නමුත් මෙම නව වැඩසටහන සංචාරක පොලිස් ඒකකය පිහිටුවීමට සමානව සංචාරකයින්ට වැඩි විශ්වාසයක් ලබා දෙනු ඇත.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව අභ්‍යන්තර ජල මූලාශ්‍රවල දූෂණය අවම කිරීමට වගබලා ගනිමින් මුහුදු ජලය අපවිත්‍ර නොවන බව සහතික කිරීමට කටයුතු කරන බව ද ප්‍රනාන්දු මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us