නිල් කටරොළු ජාත්‍යන්තර වෙළෙඳපොළට

Published in පුවත්
Monday, 11 March 2024 14:24

නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී.

මේ හේතුවෙන් නිල් කටරොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කටරොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වේ.

පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී ඇති අතර අප රටේ වළස්මුල්ල ඔමාරගම ගමේ කාන්තාවන් 60 දෙනෙකු පමණ මේ වනවිට නිල් කටරොළු මල් වගාවට අවතීර්ණව සිටී.

වේලන ලද නිල් කටරොළු මල් පුද්ගලික සමාගමක් මඟින් විදේශ රටවලට අපනයනය කරන අතර ඔවුන්ට එමඟින් විශාල ආදායමක් මාසිකව ඉපයීමට හැකි වී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (10)  ඔමාරගම ගමේ නිල් කටරොළු මල් වගාව හා සැකසුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට සහභාගි විය.

වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5,000ක් වැනි මිලකට අලෙවි කරන අතර වේලන ලද නිල් කටරොළු මල් කිලෝ ග්‍රෑම් එකක් සෑදීම සඳහා අමු මල් කිලෝ ග්‍රෑම් 10ක් අවශ්‍ය බව සඳහන් වේ.

මෙම මල් වියැලීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘතියක් මඟින් අවශ්‍ය අරමුදල් සැපයීමට හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පිලිපීනය, තායිලන්තය වැනි රටවල මෙම නිල් කටරොළු මල් තේ පානය කරන්නේ රාත්‍රී ආහාරයෙන් පසු පැණි හෝ දෙහි යුෂ සමගය.

එමෙන්ම නිල් කටරොළු බත්, කේක්, ජෙලි, සරුවත්, පෑන් කේක් වැනි ආහාර සඳහා ස්වභාවික ආහාර වර්ණකයක් ලෙසට ද නිල් කටරොළු මල් භාවිතා කළ හැකිය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us