සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණ ‌වෙනුවෙන් රජය කැපවෙනවා  

Published in පුවත්
Monday, 11 March 2024 21:22

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා වලදී  සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට නියෝජිතයින් අතර එම අරමුදලේ යෝජනා පිළිබඳව සංවේදී නොවන අන්තර්ගතයන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදීමට ද රජය එකඟතාව පළකර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ  විසින් කැඳවා තිබු විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව කීය. ජනාධිපති කාර්යාලයේදී අද මෙම හමුව පැවැත්විණි.

සාකච්ඡාවට සහභාගී වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට ආරාධනා කර තිබුණත් ඔවුන් ඊට සහභාගී වූයේ නැත.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්දිරන් පමණක් ඊට සහභාගී වීම විශේෂත්වයකි.

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ අයි.එම්.එෆ්. නියෝජිතයින් එක්ව සිටි බව වාර්තා වෙයි.

Last modified on Monday, 11 March 2024 22:52

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us