ක්ෂය රෝගීන් වාර්තා වීම ඉහළට

Published in පුවත්
Friday, 15 March 2024 12:58

මෙරට ක්ෂය රෝගීන් වාර්තා වීම සියයට 14කින් ඉහළ ගොස් තිබෙන බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය සඳහන් කළාය.

මේ වන විට පෙනහළුගත ක්ෂය රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය නිසායා කාදර් මහත්මිය මේ බව කියා සිටියා.

ක්ෂය රෝගී තත්ත්වය සඳහා නොමිලේ හඳුනාගැනීමේ පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමේ කටයුතු සිද්ධ කරනු ලබන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.
විශේෂයෙන් සෑම දිස්ත්‍රික්කයේම ළය රෝග සායන පවතින බවද කාදර් අවධාරණය කර සිටියා.

ඊට අදාළ ප්‍රතිකාර සඳහා රෝහල්වලට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවයි මාධ්‍ය හමුවේදී ඇය පෙන්වා දුන්නේ.

2035 වසර වන විට ක්ෂය රෝගය තුරන් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සඳහා රෝගීන් වාර්තා වීම 90%කින් අවම කරගැනීමට පියවර ගත යුතු බවද ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිසායා කාදර් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම මරණ සංඛ්‍යාව ඇති වීම 95%කින් අවම කළ යුතුද ඇය කියා සිටියා.

ක්ෂය රෝගියෙක් සඳහා දරන පිරිවැය අවම කිරීමටත් අපේක්ෂා කරන බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us