'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පවසා තිබේ.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ දායකත්වය සමඟින් රැදවියන් බන්ධනාගාර තුළ සිටම රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කරනු ලැබු බවත් ඒ අනුව වැලිකඩ, මහර, අගුණකොලපැළැස්ස යන බන්ධනාගාර සපත්තු, කොයිල් සහ ආහාර නිෂ්පාදනය කෙරෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.