රනිල් එන්නේ එජාප අපේක්ෂකයා විදිහට නෙවෙයි

Published in පුවත්
Friday, 15 March 2024 10:46

හිටපු ජනාධිපති වත්මන් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ආකාරයටම ඉදිරි ජනාධිපතිවරණයට ද එජාප පක්ෂ නායක සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.

ඩේලි මෝනිං වෙත අදහස් දක්වමින් එජාප මහලේකම් පාලිත රංගේබණ්ඩාර කියා සිටියේ 2015 දී සිරිසේන කළ ආකාරයටම වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.

"සිරිසේන 2015 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සාමාජිකයෙකු වූ නමුත් ඔහු එසේ කළේය. ශ්‍රීලනිපයෙන් ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වුණේ නැහැ. ඔහු ඉදිරිපත් කළේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. වික්‍රමසිංහත් එම සංකල්පය යටතේම ඉදිරිපත් වෙනවා. එය පොදු අපේක්ෂකයෙකු ලෙස සමාන වේවි."

වික්‍රමසිංහ මහතාට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස තරග කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මේ වන විටත් ලබාදී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. "අපි පක්‍ෂය විදියට එතුමාගේ අපේක්‍ෂකත්වයට සහය දෙනවා. ඒ ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලය දැනටමත් තීරණය කරලා ඉවරයි. එ.ජා.ප.යේ ජාතික සමුළුවේදීත් ඒකට අනුමැතිය ලැබුණා. අනෙක් පක්‍ෂත් එතුමා වටා රොක් වෙනවා එතුමාගේ ජයග්‍රහණයට සහය දෙන්න."

ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂ කිහිපයක්ම තමන් ඉදිරිපත් කළ හැකි අපේක්ෂකයන් පිළිබඳව මේ වන විට ඉඟි පළ කර තිබේ. සමගි ජන බලවේගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ නායක විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේකෂකයා ලෙස ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා සහ නාමල් රාජපක්ෂ ගැනද කතා බවක් තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us