අධික උණුසුම් කාලගුණ තත්ත්වය යටතේ රැකියාවල නිරතවන ගැබිණි කාන්තාවන් මළදරුවන් බිහිකිරීමේ හා ගබ්සාවන්ට මුහුණදීමේ වැඩි අවදානමක් ඇති බව ඉන්දියාවේ සිදුකළ නවතම පර්යේෂණයකදී අනාවරණ වී තිබේ.

දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ පෝරඹ ප්‍රදේශයේදී පාපැදියෙන් යමින් සිටි අයකු පවතින දැඩි හිරු රශ්මිය දරා ගැනීමට නොහැකිව ඇදවැටී මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය පවසයි.

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඉන්දියානු රජය විසින්, කන්කසන්තුරේ වරායේ පූර්ණ සංවර්ධන කටයුතු සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රධානයක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබේ.

(IMF) නියෝජිතයින් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ඇත.

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව නිසි වේලාවේදී නිවැරැදි තීන්දුව ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පැවසීය.

පාප් පදවියෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නොමැති බවත් ජීවිත කාලය පුරාම තනතුරේ රැඳී සිටීමට සැලසුම් කර ඇති බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සදහන් කරයි.

Connet With Us