මේ වසරේ පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ පොල් වතුර අපනයනයෙන් රු. මිලියන 3,439 ක් බව පොල් සංවර්ධන අධිකාරිය (CDA) පවසයි..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන වත්මන් ණය ප්‍රතිව්‍යුගතකරණ ක්‍රියාවලිය තම ආණ්ඩුවක් යටතේ නැවත සමාලෝචනය කරන බවත් ණය ආපසු ගෙවීමේදී ඒ සෑම ණය ගිවිසුමක්ම නැවත සමාලෝචනය කිරීමේ අයිතියක් තමන්ට ඇති බවත් මේ සියලු පාර්ශ්ව සමග ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩසටහනකට අලුතින්ම යාමට ද ඇතැම්විට තමන්ට සිදුවනු ඇති බවත් ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති දෙරණ රූපවාහිනි සාකච්ඡාවකිදී පවසා ඇත.

ඇගෙ සිනහව තහනම්, පෙම් බැන්ද සිත් බැන්ද, නෙළුම් විලේ කැළුම් පෙරා, හිතේ සතුට ජීවිතයේ, ගම මහනුවරයි, ගංගා නදී තීරයේ එදා, ආදී ජනප්‍රිය ගීත බොහොමයක් ගායනා කළ, කලා ලොවේ ආදරණීය ම චරිතයක් වූ
ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතාණෙනි ඔබට සුබ ගමන්..! ?

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පත් කරන ලද ජනාධිපති කොමිෂම විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු අය සම්බන්ධයෙන් දෙන ලද නිර්දේශයන් බල රහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (25) රිට් ආඥාවන් නිකුත් කළේය.

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියේ ඇතුල් මළුවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් තිස් දෙනෙකු හට සුදු පැහැති නව පොලිස් නිල ඇඳුමක් හඳුන්වා දීම ඊයේ (25දා) සිදු කෙරිණි.

රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.

දකුණු ආසියානු කලාපයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල කරාපිටියේ අභිවනයෙන් ඉදිකරන ලද ජර්මන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල (ශික්ෂණ) ශ්‍රී ලාංකේය සෞඛ්‍ය පද්ධතියට එක් කිරීම හෙට (27) වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ හා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිති.

සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂිත දුම්රියක් ධාවනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Connet With Us