IS ප්‍රහාර එල්ලකළ ත්‍රස්තයන්ට රුසියන් ආරක්ෂක අංශ සලකයි -මානව හිමිකම් ගැන කතා කරන රටවල් සීරුවෙන්

Published in විදෙස්
Tuesday, 26 March 2024 09:28

රුසියානු රඟහලට පහර දී පලා යමින් සිටියදී අල්ලා ගත් අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සිවුදෙනා, රුසියන් ආරක්ෂක අංශ විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයට වධ බන්ධනයන්ට ලක් කිරීමෙන් ද පසුව යැයි බටහිර මාධ්‍ය පවසයි.

රුසියන් ආරක්ෂක අංශ මෙසේ කටයුතු කිරීම, මානව හිමිකම් ගැන කතා කරන බටහිර රටවල දැඩි අප්‍රසාදයට, හේතුවක් වී ඇති නමුත්, එම බටහිර රටවල බොහෝ වැසියන් පවා පෙන්වා දී ඇත්තේ අමු අමුවේ අහිංසක ජීවිත බිලි ගන්නා මෙවැනි ත්‍රස්තවාදීන්ට මේ අයුරින් 'සැලකීම' වඩාත් උචිත බවය.

අල්ලා ගත් මෙම ත්‍රස්තයන් සිවුදෙනාම ටජිකිස්තාන ජාතිකයන්ය. ටජිකිස්තානය යනු රුසියාව අසල පිහිටි රාජ්‍යයකි.

ඔවුන් සිවුදෙනා මුහම්මද් සොබීර් ෆයිසෝයි, ෂම්සිදීන් ෆරිඩුන්ල්, සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා සහ ඩලෙර්ජෝන් මිර්සෝව්ය.

මුහම්මද් සොබීර් ෆයිසෝයි කරණවෑමියෙකි. මාධ්‍ය වාර්තා අනුව, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ වම් ඇස උගුල්වා තිබේ. රහස් ප්‍රදේශවලට විදුලි සැර වද්දමින්, කශේරුකාවට හානි වන ලෙස පහර දී ඇත.

ෂම්සිදීන් ෆරිඩුන්ල් කම්හල් සේවකයෙකි. මොහුගේ මුහුණට පහර දී වම් පස දත් කිහිපයක් ගලවා දමා ඇත.

සෙයිඩ්කොරාම් රචාබයිසෝඩා ද කම්හල් සේවකයකු වන අතර, රුසියන් ආරක්ෂක අංශ මොහුගේ දකුණු කන් පෙත්ත කපා, මොහුට එය කෑමට බල කර තිබේ. ඇසකට හානිවන ලෙස පහර දී ඇත.

ඩලෙර්ජෝන් මිර්සෝව් සංක්‍රමණික සේවකයකු බවත් සිවුදරු පියකු බවත් පැවැසෙයි. මොහුගේ මුහුණට ද බරපතල ලෙස පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

රුසි­යාවේ  මොස්කව් නුවර ප්‍රසංග ශාලා­වට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­යෙන් ජීවි­ත­ක්ෂ­යට  පත්වූ සංඛ්‍යාව 140 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ  ප්‍රහා­රය එල්ල වූයේ පසු­ගිය සිකු­රාදා රාත්‍රියේ මොස්කව් නුවර ‘ක්‍රොකස් සිටි  හෝල්‘ ශාලාවේ පැවැ­ත්වී­මට නිය­මි­තව තිබූ සංගීත ප්‍රසං­ග­යක් නැරැ­ඹී­මට පැමිණි  දහස් සංඛ්‍යාත පිරි­සක් ඉලක්ක කර­මිනි. ප්‍රසංග ශාලා­වට එක්රැස් වී සිටි  පිරි­සට  විවෘත වෙඩි ප්‍රහා­ර­යක් එල්ල කිරී­මෙන් පසු පලා ගිය තුව­ක්කු­ක­රු­වන්  සිව්දෙනා මොස්කව් නුව­රට කිලෝ­මී­ටර් 340ක් දුරින් මාර්ග බාධ­ක­ය­කදී පසුව  අත්අ­ඩං­ගු­වට පත්වූ අතර, ඊයේ අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කළ බව වාර්තා වේ.  අත්අ­ඩං­ගු­වට පත් වූ ත්‍රස්ත­වා­දීන් සිව්දෙ­නාට මූලික විම­ර්ශ­නය අත­ර­තුර පහ­ර­දී­මක්  සිදුවී ඇති බවත්, එක් ත්‍රස්ත­වා­දි­යකු අධි­ක­ර­ණ­යට රැගෙන එනු ලැබුවේ රෝද  පුටු­වක ආධා­ර­යෙන් බවත් බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඔවුන් මැයි මස 22  දක්වා රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට අධි­ක­ර­ණයේ අව­ස­රය ලැබී ඇතැයි ද වාර්තා වේ.

මොස්කව්  ප්‍රහා­රයේ වග­කීම අයි­එස් ත්‍රස්ත සංවි­ධා­නය භාර ගත් බවට නිවේ­ද­න­යක් නිකුත් කර  ඇතැයි ද, එම නිවේ­ද­නය රුසි­යාව මෙතෙක් පිළි­ගෙන නැතැයි ද බීබීසී පුවත් සේවය  වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ක්‍රෙම­ලී­නයේ ප්‍රකා­ශක දිමිත්‍රි පෙස්කොව් ඊයේ  මාධ්‍ය හමු­ව­කදී සඳ­හන් කර ඇත්තේ පරී­ක්ෂණ කට­යුතු අව­සන් වන­ තුරු ඒ පිළි­බඳ  ප්‍රකා­ශ­යක් නිකුත් කිරිම සුදුසු නොවන බවය.  වර්ත­මා­නය වන විට ලොව පුරා රට­වල්  රැසක් යුද ගැටු­ම්ව­ලට මැදිවී සිටින බැවින් ත්‍රස්ත­වා­ද­යට එරෙ­හිව ගෝලීය වශ­යෙන්  එක්ව කට­යුතු කිරීම ඉතා පහළ මට්ට­මක පව­තින බවත් ක්‍රෙම­ලී­නයේ ප්‍රකා­ශ­කයා  සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. මේ ප්‍රහා­ර­යේදී ත්‍රස්ත­වා­දීන් ප්‍රසංග ශාලා­වට ද  ගිනි තබා විනාශ කර තිබිණි.

-P.M

Last modified on Tuesday, 26 March 2024 09:33

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us