චීනයේ නැඟීම ලෝක බැංකු සභාපති අජේ බංගා ගේ ඇගයීමට

Published in විදෙස්
Tuesday, 26 March 2024 12:52

චීනයේ කැපීපෙනෙන ආර්ථික වර්ධනය, ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව මැනැවින් සනාථ කර ඇතැයි ලෝක බැංකු සභාපති අජේ බංගා පවසයි.

“ චීනයේ තිරසර සංවර්ධන හැකියාව සහ අපේක්ෂා” යන තේමාවෙන් 24 වැනිදා පැවති, චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික රැස්වීමේ පළමු සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය දශක කිහිපය තුළ චීනය ගෝලීය වශයෙන් කීර්තිමත් සංවර්ධනයක් තහවුරු කර ඇති අතර, රැකියා විශාල ප්‍රමාණයක් ද නිර්මාණය කර තිබේ. එමෙන්ම ගෝලීය දරිද්‍රතා අනුපාතය 44% සිට 9% දක්වා අඩු කිරීමට ද චීනය සහය වී ඇති බව අජේ බංගා පැවසීය. මීට වසර දහයකට පෙර චීනය බරපතල වායු දූෂණ ගැටළුවලට මුහුණ දුන් නමුත්, මේ වනවිට “නිල් අහස” චීනයේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇත.

චීනය, ලෝක බැංකු ආධාර ලබන්නෙකුගේ සිට එහි විශාලතම පරිත්‍යාගශීලියෙකු දක්වා පරිවර්තනය වී ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය. චීනයේ සාර්ථක සංවර්ධන අත්දැකීම් ඉතියෝපියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තුර්කිය සහ වියට්නාමය ඇතුළු බොහෝ රටවලට ද හඳුන්වා දී තිබේ.

ආර්ථික සංවර්ධනය සහ පාරිසරික ආරක්ෂාව සමබරව පවත්වා ගෙන යා හැකි බව ද චීනය ප්‍රායෝගිකව පෙන්නුම් කර ඇතැයි ලෝක බැංකු සභාපතිවරයා කියාසිටී.

Last modified on Tuesday, 26 March 2024 12:53

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us