එම වාර්තා සදහන් කරන්නේ මෙම සත්වයා මිය ගොස් ඇති බව දැනගන්න ලැබී ඇත්තේ මියගොස් සති කිහිපයක් ම ඉක්මවා ගිය පසු බවයි.
'කොළ ඇනකොන්ඩා' (green anaconda) විශේෂයක් ලෙස හඳුනාගැනෙන මෙම සර්පයා අඩි 26ක දිගකින් සහ රාත්තල් 440ක බරකින් යුතු බවත් සර්පයාගේ හිස මිනිස් හිසක ප්රමාණයට සමාන වේ.
ඇමසන් වනාන්තරයෙන් මෙම මිය ගිය සර්පයා සොයාගෙන තිබේ
මෙම මියයාම හුදෙක් ස්වභාවිකව සිදූ වුවක් නොවන බවත් දඩයක්කරුවන් පිරිසක් විසින් ඇනකොන්ඩාව මරා දමා ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කලේය.