එක් දරුවෙක් පමණක් ඉතිරි කරමින් සියල්ලන්ටම දිවි අහිමි කළ දකුණු අප්‍රිකාවේ බිහිසුණු බස් රථ අනතුර

Published in විදෙස්
Friday, 29 March 2024 08:35

දකුණු අප්‍රිකාවේ පාලමකින් බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

එලෙස අනතුරට මුහුණ දී ඇත්තේ බොට්ස්වානාහි, ගැබොරෝන් අගනුවර සිට දකුණු අප්‍රිකාවේ මොරියා නගරය දක්වා ගමන් කළ බස් රථයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව පාලමෙන් ඉවතට පැන මිටියාවතකට පෙරළී ගොස් එය ගිනිගෙන ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයන් 46 දෙනෙකු බස් රථයේ සිට ඇති අතර ඉන් දිවිබේරා ගෙන ඇත්තේ අට හැවිරිදි දරුවෙකු පමණක් වන අතර ඔහුද බරපතල තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.

මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු හඳුනාගත නොහැකි මට්ටමට පිළිස්සී ගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අනතුර පිළිබඳව දකුණු අප්‍රිකානු රජය විසින් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us