ගාසා තීරයේ සටන් විරාමයකට ආරක්ෂක මණ්ඩල යෝජනාවක් සම්මතවේ

Published in විදෙස්
Tuesday, 26 March 2024 07:49

ගාසා තීරයේ සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබේ.

කොන්දේසි විරහිතව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද එමඟින් හමාස් සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් වුව ද අමෙරිකාව ඇතුළු රටවල නිෂේද බලය හමුවේ ඒවා සම්මත වූයේ නැහැ.

කෙසේවුවද ඊයේ (25) ඉදිරිපත් වූ යෝජනාවට අමෙරිකාව ඡන්දය දීමෙන් වැළකී සිටි අතර ඊට එරෙහිව නිෂේධ බලය භාවිත නොකිරීම ද විශේෂත්වයක් වේ.

අමෙරිකාවේ ස්ථාවරය වෙනස් වීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කනස්සල්ල පළකර තිබේ.

ඊශ්‍රායල් - අමෙරිකානු නියෝජිතයින් පිරිසක් මේ සතියේ වොෂිංටන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කිරීමට ද ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

ඊශ්‍රායලය සහ අමෙරිකාව අතර පවතින විරසකභාවය පිළිබඳ සංඥාවක් මෙමඟින් ලැබී ඇති බව විචාරකයින් පවසයි.

කෙසේවුවද මෙම යෝජනාව පිළිගත් එක්සත් ජාතීන්ගේ පලස්තීන නියෝජිත රියාද් මන්සූර් පැවසුවේ පලස්තීනුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඝාතනය කර මිලියන දෙකක් පමණ අවතැන් වූ පසු ඉදිරිපත් වූ යෝජනාව ප්‍රමාද වැඩි බවය.

-P.M

Last modified on Tuesday, 26 March 2024 07:51

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us