තමන්ගෙ සහ බිරිඳගෙ ගමේ හෝ ආසන්න ගමක සේවය කිරීම මින් මතුවට තහනම්..පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..

Published in පුවත්
Tuesday, 26 March 2024 08:02

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට කොස්තාපල්වරුන් දක්වා කිසිවකුටත් මින් ඉදිරියට තම ගමේ පොලිසියට, බිරිඳගේ ගමේ පොලිසියට හෝ ගමට ආසන්නතම පොලිසියට සේවය කිරීම සඳහා ඉඩ නොදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

මේ අනුව, සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, අංශභාර ස්ථානාධිපතිවරුන්, සිට කොස්තාපල්වරුන් දක්වා තම ගමේ, බිරිඳගේ ගමේ හෝ ගමට ආසන්නතම ස්ථානයක සේවය කරන්නේ ද යන්න පූර්ණ අධ්‍යනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් විශේෂ කමිටුවක් පත් කර ඇතැයි වාර්තා වනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

පාතාලයේ හිස ඔසවීම පාලනය කර ගැනීමට නොහැකි වූ පොලිසි ස්ථාන හැට දෙකක ස්ථානාධිපතිවරුන් කොළඹට කැඳවා පොලිස්පතිවරයා විසින් ගිය සතියේ පැවති සාකච්ඡාවකදී පොලිස් ස්ථානාධිපතිවරුන් තම ගමේ හෝ ආසන්නතම ගමේ පදිංචි නිසා පාතාල මර්දනයට පියවර නොගන්නා බවට හෙළි වී ඇත.

පොලිස්පතිවරයා බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටියදී පසුගිය වසරේ අග භාගයේ දී පාතාල සාමාජිකයන් 1092 කගේ දත්ත වාර්තාවන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට යොමුකර' නීතිවිරෝධී දේපළ හා වත්කම් අත්පත් කරගැනීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබේ.

එහෙත් පොලිසි ස්ථානාධිපතිවරුන් රැසක් එම නියෝග කිසිවක් ක්‍රියාත්මක කර නැති බවටයි හෙළිව ඇත්තේ.

මෙයට මූලික හේතුව බවට හෙළි වී ඇත්තේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් තම ගමේ හෝ ආසන්නතම ගමේ සේවය කිරීම නිසා පාතාල ක්‍රියාකාරකම් මර්ධනයට යොමුවී නොමැති බවයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මේ සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් ද පත්කර ඇත.

එම කමිටු වාර්තාවට ලද වහාම තම ගමේ හෝ බිරිඳගේ ගමේ හෝ ආසන්නතම ගමේ සේවය කරන සියලු දෙනාටම ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි වාර්තාවේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us