ලබන මස සිට අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් 20kg ක්

Published in පුවත්
Tuesday, 26 March 2024 08:52

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවය.

"රජය බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අඩු ආදයම්ලාභී පවුල් ඉන්නවා. පසුගිය අවුරුද්දේ අඩු ආදයම්ලාභී පවුල් හැටියට ලක්ෂ 28කට අපි සහල් බෙදුවා. ඒ විදිහටම දිසාපතිවරුන් හරහා ගණනය කිරීමෙන්, විනිවිඳභාවයකින් යුතුව පවුල් 28 ලක්ෂයකට සහල් කිලෝ 20ක් දෙවතාවකට දෙන්න. අප්‍රේල් මසයේ කිලෝ 10කුත් මැයි මාසේ කිලෝ 10කුත්. අප්‍රේල් මාසේ කිලෝ 10 සිංහල හින්දු අලුත් අවුරද්දට ඉස්සරවෙලා ලබාදෙන්න. මැයි මාසේ කිලෝ 10 ඊළඟ මාසේ මුල් සතියේ. ඒක තමයි රජයේ උත්සාහය. මේක පුළුල් අරමුණක්. එකක් වී ගොවියාට... ඔවුන්ට ලැබෙන මිල ඉහළ දැමීම පිළිබඳ හොඳ මඟපෙන්වීමක් විවෘත වෙළෙඳපොළ තුළට. අනෙක් පැත්තෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියාට ආදායමක් ලබාගන්න ක්‍රමවේදයක්. අනෙක් පැත්තෙන් අඩු ආදයම්ලාභී පවුල්වලට සෘජු සහනයක් හැටියට සහල් කිලෝ 20ක් ලබාදෙනවා."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us