උත්සව සමයේ “සේල් '' බඩු ගනිද්දී පරිස්සමින් - කල් ඉකුත් වීමට ආසන්න බඩු විකුණුවොත් වහාම දන්වන්න අංකයක්

Published in පුවත්
Tuesday, 26 March 2024 08:18

එළඹෙන අවුරුදු උත්සව සමයේ භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථාන වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාව රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විශේෂ දැනුම්දීමක් සිදු කරමින් පවසයි.

එම අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සඳහන් කළේ එම භාණ්ඩ අලෙවි කරන ස්ථාන “සේල්.. සේල්” නමින් කල් ඉකුත් වීමට ආසන්න භාණ්ඩවල තොරතුරු වෙනස් කර උත්සව සමයේ අලෙවි කිරීම් සිදු කළ හැකි බව ය.

මෙම අවුරුදු කාල සීමාවේ දී දිවයිනේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවලට අනුයුක්ත කණ්ඩායම්වල නිලධාරීන් එලෙස භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින් සොයා දිගටම වැටලීම් සිදුකරන බව ඔහු කියා සිටියේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු සඳහන් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ “1977” දුරකථන අංකය අමතා මේ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමට හැකි බවත් අනතුරුව එම තොරතුරු මත උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us