News Items (18842)
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසන්නීය.
එක් දරුවෙක් පමණක් ඉතිරි කරමින් සියල්ලන්ටම දිවි අහිමි කළ දකුණු අප්‍රිකාවේ බිහිසුණු බස් රථ අනතුර
දකුණු අප්‍රිකාවේ පාලමකින් බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.
කිතුණු බැතිමතුන්ගේ මහ සිකුරාදා දිනය අදයි. පාස්කු සතිය තුළ දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවකුත්
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛ ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද(29)ට යෙදී තිබේ.
සත්ව විද්‍යාඥයන් විසින් ලොව විශාලතම සර්පයා ලෙස හඳුන්වා දුන් ''ඇනා ජූලියා'' (Ana Julia) ' මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියක වන ජේ.එම්. තිලකා ජයසුන්දර පත්කර තිබේ.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබේ.
අප ජිවත්වන ග්‍රහලෝකය ,එහි ස්වභාවය , භ්‍රමණය වන ආකාරය ආදිය සම්බන්ධයෙන් බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක් සහ කුතුහලයක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම අතර හමුවක් පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ජාත්‍යන්තර නිරූපණ වේදිකාවක විනිසුරු මඬුල්ලට ගිය පියුමි
Future Fashion Faces World' කියන්නෙ ආගම, වර්ණය, ජාතිය, ආගම හෝ වාර්ගික සම්භවය නොසලකා තරගකරුවන්ට සහභාගී වීමට සමාන අවස්ථාවන් සලසන ජාත්‍යන්තර වේදිකාවක්...
2016 වසරේදී එය නියෝජනය කළ, ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි රටවල් 45/50ක තරගකරුවන් අතරින් ''best model of the Asia'' ලෙස කාගෙත් අවදානය දිනාගෙන තිබුණා.
එලෙස ලද ජයග්‍රහණයෙන් පසු සෑම වසරකම පාහේ පියුමිට අවස්ථාව සැලසෙනවා මෙම තරගාවලියේ විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමට.
මෙම තරගාවලිය පැවැත්වෙන්නෙ තුර්කියෙ.
මේ දිනවලත් පියුමි හංසමාලි තුර්කියට ගිහිල්ලයි ඉන්නෙ.
ඒ අන් වෙන කිසිවක් උදෙසා නෙවෙයි, මේ වන විට FUTURE FASHION FACES WORLD 2024 ක්‍රියාත්මක වන නිසා එහි විනිශ්චය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කිරීමට.
ඉතින් සුපුරුදු පරිදි මෙවරත් පියුමිට අවස්ථාව ලැබිලා තියෙනවා
මේ ඇයගේ මුහුණුපොතේ තැබු සටහන
''future fashion faces of the world 2016 pageant එකට 2016 දි මම සහභාගී වුණා.
රටවල් 45/50 අතර තරගකාරියන් සිටියා.
ඉතිං මට ලැබුණා best model of the Asia.
හරිම සතුටුයි එදා ඉතිං මට මගෙ රට වෙනුවෙන් මට දෙයක් කරන්න පුළුවන් වුණානෙ.
ඉතිං ඒ දිනපු වසරෙ සිට සෑම වසරකම එයාලා මට ආරාධනා කරනවා,
මේ pageant එකේ judging වලට.
ඉතිං දැනට එක දිගටම අවුරුදු ගාණක් මම එනවා.
නිතරම කියනවා වගේ මම වාසනාවන්තයි.
මොකද මෙහෙම මගෙ රට වෙනුවෙන් තරග කරන්න ඇවිල්ලා,
ඒක දිනලා සෑම වසරකම ඒ දිනපු තරගාවලියේ විනිසුරු මඩුල්ලකට සහභාගී වෙනවා කියන්නෙ ඉතිං මට මම ගැන හරිම ආඩම්බරයක්.
මම අතින් සල්ලි වියදම් කරන් එන්නෙ නෑ.
ඉස්සර ඉදලම එයාලා තමයි සියලුම දේ වියදම් කරලා මාව එහෙට ගෙන්වා ගන්නෙ.
එයාලා මට හරිම ආදරෙයි
මම ආසම රට එච්චරටම ලස්සන රටක් මේක
ඉතිං දන්නවද මට මේ ලස්සනම ලස්සන කැන්ඩියන් එක හදලා දුන්නෙ කවුද කියලා.
දවසින් හදලා එව්වා අපෙ ආදරණීය කාලාකරුවෙක් වන අමිල අබේසේකරගෙ ආදරණීය බිරිඳ theja akki
ගිය පාරත් හදලා දුන්නා
ඉතිං අක්කි ඔයාට ගොඩාක් ස්තුති
ඔයාලටත් ලස්සන සාරි මේ වගේ හදාගන්න ඕනෙ නම්,
මේ අක්කිට දාන්න මැසෙජ් එකක් එයා හදලා දෙයි ලස්සන සාරි තියෙනවා මේ අක්කි ළඟ
බලන්නකො කැන්ඩියන් එක ඇදලා මම ඉන්න සංවරකම
ඒ අස්සෙ යට සායක් අරං ගිහින් නෑ
අමතක වෙලා
අද best national costume day එක
ඉතිං ඒකයි මම අපෙ දේ ඇන්දෙ ''




පසුගිය දා රුසියාවේ මොස්කව් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රීලනිප සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (27) කොළඹ රුසියානු තානාපති කාර්යාලයට ගියේය.
