මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්විණි.

ලිංගිකමය බලහත්කාරකම් වදහිංසා වැලැක්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ තවමත් ඇත්තේ අතිශය පසුගාමී ආකල්පයකි. මේ අනුව පීඩාවට වූ තැනැත්තා හෝ තැනැත්තිය සම්බන්ධයෙන් සමාජය තුළින් ඉදිරිපත්වන බලපෑම සුළුපටු නොවේ. එක් වරක් දූෂණයට ලක් වූ වින්දිතයා නැවත නැවතත් වෙනත් වෙනත් ආකාරයෙන් දූෂණය වීම ලංකාවේ බහුලව දැකිය හැකි කරුණකි. යම් සිදුවිමක් වූ විගස චූදිතයාට අමතරව මුලින්ම වින්දියා දූෂණයට ලක් කරනුයේ තමන්ගේම අය හෝ අසල්වැසියන් විසිනි. ඉන් අනතුරුව පොලිසිය, මාධ්‍ය, අධිකරණය ඇතුළු අවස්ථාවන් ගණනාවක් ඔස්සේ නැවත නැවතත් අපහරණයට ලක්වීම ලංකාව තුළ මේ වන විට සාමාන්‍යකරණය වී ඇත.

ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ උපත ලද එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් කීර්තිමත් ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ (NSEB) උපදේශකයෙකු ලෙස පත් කර ඇති බව ධවල මන්දිරයේ මාධ්‍ය නිවේදනය කර ඇත.

දිස්ත්‍රික්ක 4ක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලුදෙනාට සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමග ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වන තුරු කිසිදු මැතිවරණයක් පැවැත්වීම සිදු නොවන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමැතිවරුන් හා පවසා තිබුණේ හදිසි මහමැතිවරණයක් ඉල්ලමින් නැගෙන ඝෝෂාවට පිළිතුරු ලෙසිනි.

ඊශ්‍රාලයට අවශ්‍ය තවත් යුද ආධාර තොගයක් ලබාදීමට ඇමෙරිකාව එකඟතාව පළකර තිබෙනවා.

දේශීය බිත්තරයක මිල ඉදිරි කාලයේ දී රුපියල් 35කට වඩා අඩු වනු ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර පවසයි.

වසර හතරකට පසු තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් TG 307 දරණ ගුවන්යානය ඊයේ (31) රාත්‍රී 11.55ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

ගාසා තීරයේ පිහිටි රෝහලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ.

Connet With Us