සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා මෙහෙයුම් කල්බදු යටතේ පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මේ වනවිට පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තරගයෙන් ඉවත්වී තිබේ.

පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (02) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැත්තා හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිරියාවේ, ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල අද (02) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අස්වැසුම සුභසාධන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසයි

අනුරාධපුර ජේතවන ස්ථූපයේ මෑතක දී සිදු වී ඇති ඉරිතැලීම් ගැන සොයාබැලීමට විශේෂඥ දැනුමැති කණ්ඩායමක් පිටත්ව යැවීමට නියමිතය.

Connet With Us