සිරියාවේ, ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල ප්‍රහාරයෙන් ප්‍රධානියන් ඇතුළු 7 ක් මරුට

Published in විදෙස්
Tuesday, 02 April 2024 09:35

සිරියාවේ, ඉරාන කොන්සියුලර් කාර්යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරයෙන් ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් 7 දෙනෙකු මියගොස් තිබේ.

ඉරානයේ ප්‍රධාන මිලිටරි, දේශපාලන හා ආර්ථික බලවේගය ලෙස සැලකෙන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ සාමාජිකයින් 7දෙනෙකු මෙලෙස මියගොස් ඇත.

ප්‍රහාරයෙන් ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියකු වූ බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් රීසා සහේඩි සහ ඔහුගේ නියෝජ්‍ය නිලධාරි බ්‍රිගේඩියර් ජනරාල් මොහොමඩ් හාඩි හාජි-රහිමි මියගිය අය අතර වන බව වාර්තා වේ.

ඉරාන සහ සිරියාවේ රජයන් ඉරාන තානාපති කාර්යාලයට යාබඳ ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරය හෙළා දැක තිබේ.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ, විදෙස් මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් අදහස් පළ නොකරන බවය.

ඊයේ රාත්‍රී 7.30 ට පමණ ඉරාන කොන්සියුලර් කාර්යාලය ඉලක්ක කරගනිමින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල වුණි.

සිරියානු හමුදාව සඳහන් කළේ, ඊශ්‍රායල ගුවන් යානයක් අදාළ ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේවෙතත් විදෙස් පුවත් වාර්තාවලට තමන් ප්‍රතිචාර නොදක්වන බව මේ පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායලය සඳහන් කළේ ය.

ප්‍රහාරයෙන් කොන්සියුලර් කාර්යාලයේ මහල් ගොඩනැගිල්ලක්, සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us