විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර

Published in පුවත්
Tuesday, 02 April 2024 08:12

විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ, බොහෝ ආචාර්යවරුන් මෙරට හැර විදේශ රටවලට ගොස් ඇති බවය.

ඒ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල පුරප්පාඩු බොහොමයක් පවතින බව සභාපතිවරයා පැවසීය.

එම කරුණු සලකා බලා අලුතින් අචාර්යවරුන් බඳවා ගැනීමට අවස්ථාව ලබාදුන් බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළේ, සමස්ත විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 6200 ක් පමණ සිටි බවයි.

පසුගිය වසරේ ඉන් බොහෝ පිරිසක් මෙරට හැරගොස් ඇතැයි එම සම්මේලනය පෙන්වා දෙනු ඇත.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us