හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමග එක් වීමට සූදානමින් සිටින්නේ යැයි හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂය නායක රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

උත්සව සමය වෙනුවෙන් හෙට (05) සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසා තිබේ.

2024 මුල් මාස 03 තුළදී ශ්‍රී ලාංකිකයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදේශ ගත වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙරට තුළ ප්ලාස්ටික් පැන් නිපදවීමට ඇති හැකියාව පිළිබද සොයා බලන ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පැවසීය.

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ  අතර විශේෂ හමුවක් අද දින පැවැත්වීමට නියමිතව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ අභාවයෙන්, පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා එම්.ජී.වීරසේන පත්වීමට නියමිත බව වාර්තා වේ.

හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.

රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Connet With Us