රජයේ නිවැරදි ආර්ථික කළමනාකරණය නිසා රුපියලේ වටිනාකම ඉහළ ගිහින් - ජනපති කියයි

Published in පුවත්
Thursday, 04 April 2024 09:25

රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, ඒ අනුව සෘණ ආර්ථික වර්ධන වේගයක් පැවති රටේ මේ වන විට ආර්ථිකය ශක්තිමත් වී ඇති බවය.

බස්නාහිර පළාත් උපාධිධාරී ගුරුවරුන් 2,320 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

"දැන් රුපියල 300ට ඇවිත් ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ ගන්න පියවරෙන් මම බලාපොරොත්තු වෙනවා ඩොලරයට රුපියල 280ක් කරගන්න. එතකොට අතට ලැබෙන සල්ලිවලට මුදල ශක්තිමත් වෙනවා. මේක කරගෙන යන්න ඕනේ. ආණ්ඩුවේ වැඩකරන්න මුදල් හොයා ගන්න ඕනේ. මේක අමාරු, දුෂ්කර මාර්ගයක යන්නේ. සම්පුර්ණයෙන්ම වැටුණ ආර්ථිකය අපි දියුණු කරගෙන යනවා. මේ කාලයේ දී පුළුවන් වුණා පඩි වැඩිකරන්න. දීමනා වැඩිකරන්න. අස්වැසුම තුන්ගුණයකින් වැඩි කරන්න. සිංහල අවුරුදු කාලයේ දී වීවලට හොඳ මිලක් ලබාදෙන්නත් අපි කටයුතු කළා. ආර්ථික නඟා සිටවන්න ඕන. මේ යන කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. එන වර්ෂය වෙද්දි ගුරුවරු බඳවා ගන්න අමාත්‍යාංශවලට මුදල් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා."

ගුරුවරුන් සතු වගකීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා එහිදි අදහස් පළ කළේය.

"අවුරුදු 5 සිට 19 වනකල් දරුවෙක් හැදෙන එකේ දෙමාපියන් වගේම බලපෑමක් මේ සියලුදෙනාටම තියෙනවා. ඒ වගකීම ඉටු කරන්න. ඔබට තියෙන්නේ විෂයන් ඉගැන්වීම පමණක් නෙමෙයි. ශිෂ්‍යාවන්ගේ ජීවිතය හැඩගස්වන්න. ඒකයි ඔබේ වෙනස. අද ඔන්ලයින්වලින් පුළුවන් උගන්වන්න. නමුත් ඔන්ලයින්වලට බෑ එයාලගේ චරිතය හදන්න. ඒ නිසා තමා ගුරු වෘත්තීය ඉහළ වෘත්තියක් වෙන්නේ. ඒක ආරක්ෂා කරගන්න. ඒක නැති කරගන්න එපා."

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us