පැය තුනකට සැරයක් 4දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි

Published in පුවත්
Thursday, 04 April 2024 12:53

හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව මෙරටින් මරණ 32ත් 35ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පැවසුවේය.

එහි දී වෛද්‍යවරයා පැවසුවේ වාර්ෂිකව හදිසි අනතුරු හේතුවෙන් පුද්ගල මරණ 10 000කට වැඩි සංඛ්‍යාවක් සිදුවන බවත් සෑම පැය 3කට සැරයක්ම දළ වශයෙන් 4 දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වන බවත් එම අනතුරු රථ වාහන අනතුරු, දියේ ගිලීම්, විෂවීම් ඇතුළු හදිසි අනතුරු හේතුවෙන් එම මරණ සිදුවන බවයි.

ලංකාවේ රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා අයගෙන් වැඩිම ප්‍රමාණයක් හදිසි අනතුරුවලට ලක්වූ පිරිසක් බව ඔහු සඳහන් කර අතර ලංකාවේ ජනගහනයෙන් සෑම 5 දෙනෙකුගෙන් හෝ 6 දෙනෙකුගෙන් එක් අයෙක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සෑම අවුරුද්දකම සිදු කර ගන්නා බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us