උත්සව සමයේ ගම්බිම් බලා යන මගීන්ගේ පහසුව වෙනුවෙන් එම තීරණය ගත් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කලේය.
ඒ අනුව විශේෂ බස් රථ 200කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර උත්සව සමය වෙනුවෙන් ලබන 10 වැනි දා සිට දෛනිකව විශේෂ දුම්රිය සේවා 12ක් යෙදවීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ද ඊයේ (03) පැවසීය.