මෛත්‍රීගේ සභාපති ධූරයට වාරණයක්, දුමින්දත් අලුත් ගමනකට සැරසෙයි

Published in පුවත්
Thursday, 04 April 2024 16:40

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගොනු කළ පෙත්සමකට අනුව කොළඹ දිසා අධිකරණ විනිසුරු සඳුන් විතාන මෙම නියෝගය කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අලුත් ගමනක් යෑමට එක්වන ලෙස සියලුම දෙනාට ආරාධනා කරන බව දුමින්ද දිසානායක පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර අද (04) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මෙම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණි.

එහිදි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ විනාශය බලාගන සිටිමට බැරි තැන අධිකරණ මාර්ගවලට යොමු වී ඇති බවයි. ඒ අනුව පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරණ නියෝගයක් පැනවී ඇති බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us