අලුත් වැඩකට කතාවක් !

Published in පුවත්
Thursday, 04 April 2024 13:53

මෙරට තුළ ප්ලාස්ටික් පැන් නිපදවීමට ඇති හැකියාව පිළිබද සොයා බලන ලෙස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම පැවසීය.

පෑන් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආයතනයක් නොමැති හෙයින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන් නිපදවීමට කටයුතු කරන ලෙස මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කළද පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බවද මෙහිදී තොරතුරු අනාවරණය වී ඇති බව පැවසේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා, පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වේ
ශ්‍රී ලංකාව තුළ සංසරණය වන ප්ලාස්ටික් සහ පොලිතීන් අසුරන වෙළඳපොළට නිකුත් කරන ප්‍රමුඛතම ආයතන නියෝජිතයින් කැඳවූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇති අතර ප්‍රධාන අරමුණ වී ඇත්තේ ප්ලාස්ටික්, පොලිතීන් භාවිතය අවම කිරීමයි.

තවද, දිවයින පුරා සුපිරි වෙළෙඳසල් හා ඒවායේ වෙළෙඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ගේ රුපියල් 500 ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට එම ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී එම සුපිරි වෙළෙඳසල් හිමියෝ එකඟත්වය පළ කර ඇත.

අධික පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය හා ඉන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර බලපෑම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා මෙම වෙළෙඳසල් ප්‍රධානින් දැනුවත් කර ඇති අතර, ඒ අනුව එම අහිතකර තත්වයන් අවම කරමින් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම සඳහා මුලික පියවර කිහිපයක් සඳහා කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කළ බව සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් අමරසේන, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද මෙම කාරක සභා රැස්වීමට රැස්වූ බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us