අලුතින් ඉඩම් බැංකුවක් ! බලපත්‍රලාභී ලක්ෂ දහයකට සින්නක්කර ඔප්පු

Published in පුවත්
Thursday, 04 April 2024 09:15

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ද සහාය ලබා ගනිමින් මෙරට රජයේ ඉඩම් සම්බන්ධ සියලු දත්ත ඇතුළත් කර ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බව සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

මෙතෙක් කිසිදු ප්‍රයෝජනයකට නොගත් ඉඩම් හා ඒවා තිබෙන ප්‍රදේශ ඒ අතුරින් ආයෝජකයන්ට නිදහස් කිරීමට හැකි සහ නොහැකි ඉඩම් මොනවා ද යන්න ඇතුළු ඉඩම් සම්බන්ධ සියලු තොරතුරු මේ ඔස්සේ එක් ස්ථානයකට කේන්ද්‍රගත කරන බවඔහු කීය.

නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ අරමුණින් බිහි වූ උරුමය ජාතික වැඩසටහනට සමගාමීව සැමට හිමි බිමක් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වීමට පැමිණි ඇමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසුවේය.

අවුරුදු 15ත් – 29ත් අතර වයසේ පසුවන ලක්ෂ 50ක් පමණ පිරිසක් මෙරට සිටින බවත් මෙම වසර අවසානයට පෙර ඔවුන් අතුරින් මිලයනයක් තරුණ ව්‍යවසායකයන් බවට පත් කරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ස්වරණ භූමි, රන් භූමි සහ ජය භූමි බලපත්‍ර හිමි ලක්ෂ 20ක පමණ පිරිසක් මෙරට සිටින බවත් ඔවුන් අතුරින් ලක්ෂ 10කට මෙම වසර අවසානයට පෙර සින්නක්කර ඔප්පු ලබා දීමට උරුමය වැඩසටහන ඔස්සේ අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us