මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පවසා සිටියේ හෙට (02) දින අනුරාධපුරය වෙත ඔවුන්ව පිටත්වන බවය.
මෙම පුපුරා යාම හතරැස් කොටුවේ සිට පහළට සිදුව ඇති අතර, හිඩැස් තුළින් වර්ෂා කාලයට ජලය ඇතුල්වීම සහ වියලි කාලයට ප්‍රසාරණය වීමත් හේතුවෙන් මේ ස්ථූපයටද මිරිස වැටිය ස්ථූපයට මෙන් අනතුරක් විය හැකි යැයි ද ප්‍රදේශ වාසීන් පිරිසක් පැවසූහ.
සති කිහිපයකට පෙර කළ නිරීක්ෂණයක දී ස්ථූප ගර්භයේ ඉහළ කොටසෙහි ඉරිතැලීම් කිහිපයක් දකින්නට ලැබී ඇති බව වාර්තාවිය. ඒ අනුව මේ වනවිටත් ඊට පිළියම් යොදා ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
කෙසේ වුව ද මෙම පිළිසකර කිරීම් ගැන ගැඹුරු අධ්‍යයනයක් සිදුකිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය මඟින් පියවර ගනු ලැබ ඇත. ඒ අනුව පුරාවිද්‍යා , වාස්තු විද්‍යා හා ඉංජිනේරු විශේෂඥවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් යොදවා එම පිළිසකර කිරීම් ගැන වාර්තාවක් ලබාගැනිමට පියවර ගෙන ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
මේ අතර ජේතවන ස්ථූපයේ ව්‍යාපෘතියේ නිලධාරියකුගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ වර්තමානයේ පවතින උණුසුම් කාලගුණය නිසා ස්ථූපයට යම් බලපෑම් සිදුවීම ස්වභාවික තත්ත්වයක් බව ය. මෙය ගඩොලින් නිම කර ඇති ස්මාරකයක් නිසා දේශගුණික විපර්යාස මත ඇතිවන තත්ත්වයන් ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව ද එහි නිලධාරියෙක් කීවේය.
මෙහි දී වැඩිදුරටත් මහාචාර්යවරයා පවසා සිටියේ මෙවැනි පිපිරීම් සාමාන්‍යයෙන් සෑම ස්තූපයකම දැකිය හැකි බවත් මෙහි පමණක් නොව රුවන්වැලි සෑයේද යම් යම් ඉරි තැලීම් තිබෙන බව සඳහන් කළ මහාචාර්ය ගාමීණී රණසිංහ වසර 2500 ක් පමණ පැරණි ඉතිහාසයක් තුළ මෙවැනි දේ සිදු විය හැකි බවත් මෙම පිපිරීම් ව්‍යූහාත්මක මෙන්ම මතුපිට පිපිරීම් සිදුවන බවද මහාචාර්ය ගාමිණි රණසිංහ පෙන්වා දෙයි.
එමෙන්ම ස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද යම් පිපිරීම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.