ලෝකයේ වැඩියෙන්ම පොල් නාස්ති කරන රට ලංකාව - මහින්ද අමරවීර

Published in පුවත්
Monday, 01 April 2024 12:55

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රට බවට පත්ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.

එමෙන්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ ලංකාව බොහෝ දේවල් වලින් ලෝකයේ අංක එකේ සිටින අතර සීනි, ලුණු, පිටි, කාබෝහයිඩ්රේට් වැඩිපුර අඩංගු ආහාර වැඩිපුර ගැනීම වැනි බොහෝ කරුණු වලින් ලංකාව අංක එකට පැමිණ ඇති බවය.

පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52ක් සම්පූර්ණවීම නිමිත්තෙන් මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පැවැති වැඩ සටහනකදී අමාත්‍යවරයා මේ බව කීය.

පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන වලින් මීට වඩා ආදායමක් ගැනීමට නම් ආහාරය සඳහා පොල් යොදා ගැනීමේ දී නාස්තිය අවම කර ගන්නා ආකාරය පිළිබඳ නව තාක්ෂණික දැනුමත් ජනතාවට ලබා දීමට පියවර ගන්නා ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලයට මෙන්ම පොල් සංවර්ධන අධිකාරියටත් උපදෙස් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව පෙබරවාරි මාසයට අදාලව නිකුත් කළ වාර්තාවට අනුව 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසයේ පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම සියයට 25.17කින් වර්ධනය වී ඇතැයි ද පොල් වතුර අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 894ක ආදායමක් උපයා ඇතැයි ද අමාත්‍යවරයා කීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us