News Items (18842)
මෛත්‍රී CIDයට කළ ප්‍රකාශය ගැන කරුණු වාර්තා කිරීමට නීතිපති අද අධිකරණයට
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) අධිකරණයට කරුණු වාර්තා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගනී
ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් සොයා ගෙන තිබේ.
මහින්දගේ සහ බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පස්වරුවේ රැස්වේ.
ඉන්දු -ලංකා පාලම ගැන සාකච්ඡාවට සාගල ඇතුළු පිරිසක් අද ඉන්දියාවට
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ඇතුළු පිරිසක් අද (27) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව ඇත.
ජනාධිපතිවරණය ඔක්තෝබර් 05 සෙනසුරාදා - ජනාධිපති තීරණය කරලා
ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ සෙනසුරාදා (05) දිනයේදී ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇත.
නීතිය සහ සාමය ස්ථාපිත කිරීම මානව හිමිකම් කඩකිරීමක් නොවේ. ජනපති අවධාරණය කරයි
අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් එදා පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා ගනිමින් රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට තමා ගත් පියවර මානව හිමිකම් කඩකිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් උත්සාහ කළද එදා එම පියවර නොගත්තා නම් අද රට තුළ මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි නොවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඩිජිටල් ආර්ථික පරිවර්තනයක් සඳහා වන නීති මෙම වසර මැද පාර්ලිමේන්තුවට
ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රීම බුද්ධිය සඳහා වන මධ්‍යස්ථානය (AI Center) ස්ථාපිත කිරීමට අදාළ නීති මෙම වසරේ මැද භාගය වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර 16 ක ආදර කතාවක, සොඳුරුතම දිනය දා ජනප්‍රිය ගායන ශිල්පී අජිත් මුතුකුමාරණගේ ගීතයකට අපූරු රංගනයක් සිදුකළ ඒ යුවළ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවිය
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.
මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම හේතුවෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසූවේය.
