නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එහිදී මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නා ලෙසද ඉල්ලීමක් කිරීමට නියමිත බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු දුන් ප්‍රකාශය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
පසුගිය 22 වැනි දා මෛත්‍රීපාල සිරිසේන මහනුවරදී මාධ්‍ය වෙත කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පෙරේදා ප්‍රකාශයක් ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි.
-P.M