ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත පත්කළ කමිටුවකින් එම වැටුප රුපියල් 17500ක් දක්වා වැඩි කිරීමට නිර්දේශ කර තිබේ.
මීට පෙර සේවකයන්ගේ ජාතික අවම වේතන පනතේ විධිවිධාන පරිදි ජාතික අවම වැටුප රුපියල් 12500 ලෙස තිබිණි.
ඒ අනුව ජාතික අවම දෛනික වැටුපද රුපියල් 500 සිට 700 දක්වා වැඩ කෙරෙනු ඇත.