මහින්දගේ සහ බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විධායක සභාව අද රැස්වේ

Published in පුවත්
Wednesday, 27 March 2024 07:36

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (27) පස්වරුවේ රැස්වේ.

ඒ, එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සහභාගිත්වයෙනි.

විධායක සභා රැස්වීමේදී - පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින ජාතික සංවිධායක ධුරය සහ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර දෙක සඳහා නව පත් කිරීම් සිදු කිරීමට නියමිතය.

මීට අමතරව ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ද විධායක සභාවේදී තීරණවලට එළැඹීමට නියමිත බව පොදුජන පෙරමුණ සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින් පසුගිය දා එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හමුවිය.

එහිදී පළමුව පැවැත්විය යුත්තේ, මහ මැතිවරණයක් බවට ඔවුන්ගෙන් බහුතරය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පළමුව පැවැත්විය යුත්තේ මහ මැතිවරණයක් ද නොඑසේ නම් ජනාධිපතිවරණයක් ද යන්නට නිශ්චිත බහුතර අදහස් ප්‍රකාශ වීමක් සිදුව නැත.

-P.M

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us