ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ස්ත්‍රී දූෂණවලට වරදකරුවන් වන වයස අවුරුදු 22ට අඩු පුද්ගලයන්ට ලිහිල් දඬුවම් දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදය විසින් තීරණය කර තිබෙනවා.

උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහළ දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇපමත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ලබන සඳුදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

අස්වැසුම යෝජනා ක්‍රමයේ දෙවැනි වටය සඳහා අයැදුම්පත් භාරදීමට දී තිබූ කාලය අදින්(22) අවසන් වෙයි.

දකුණු පළාතේ ගුරු පුරප්පාඩු 3100 ක් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට පියවර ගන්නා බව පළාත් ආණ්ඩුකාර විලී ගමගේ පවසයි.

Shell සන්නාමය සහිත ඉන්ධන සිල්ලර වෙළඳාම මෙරට තුළ නැවත ආරම්බ කෙරේ. Shell Brands International AG (Shell) සහ RM Parks (Private) Limited සමාගම් අතර ගිවිසුම් අත්සන් කිරීම මේ වන විට සිදු ඇති අතර ඒ් අනුව Shell සන්නාමය සහිත ඉන්ධන පිරවුම් හල් මේ වසර අගදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසෙනු ඇත.

නවදිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, නගරයේ මත්පැන් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එල්ල වී ඇති දූෂණ චෝදනා මත ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ පක්ෂය පවසයි.

පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව වඩා වේගයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ශක්තිමත් මානව සම්පතක් තිබූ නිසා බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පවසයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහයෝගීතාව මැද කොළඹ තුරඟ තරග පිටියේදී අද ආරම්භවන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය අලුත් පාපන්දු සංස්කෘතියක ආරම්භයක් වනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා පවසයි.

Connet With Us