ඔත්තුවට තෑග්ගක්

Published in පුවත්
Friday, 22 March 2024 08:11

සංවිධානාත්මක අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන පුද්ගලයන් භාවිත කරනු ලබන ගිනිඅවි සම්බන්ධයෙන්  දෙන ලද තොරතුරු සදහා  පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට තීරණය කර තිබේ.

මේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව පවසා ති‌බෙන අතර ඔත්තු සපයන පුද්ගලයන් සදහා මුදල් ත්‍යාග ලබාදෙනවා සේම ඔවුන්ගේ රහස්‍යභාවය ද ආරක්ෂා කරන වගය.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් පවසා සිටියේ T56 ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 05ක මුදලක් මෙන්ම තවත් වර්ගීකරණ කිහිපයකට යටත්ව මුදල් ත්‍යාග ලබාදීමට පොලිස්පතිවරයා  වශයෙන් තමා උපදෙස් ලබාදී ඇති බවය.

 

P 01

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us