එසේම ඒ සදහා රජය ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ සාර්ථකව සිදු කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ප්‍රකාශ කිරීම අපගේ වැඩපිළිවෙළ අනුමත කිරීමක් බව අමාත්‍යවරයා පවසා සිටියේය.
ආර්ථික අර්බුදයෙන් මිදී ධනාත්මක ආර්ථික සංවර්ධනයක් සඳහා රට යොමු කරන අතර රටේ දුප්පත්කම, විරැකියාව දුරු කිරීමට වේගවත් වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ජනතාවට ප්‍රතිලාභ අත්වන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට හැකි වන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.