උත්සව සමයේදී හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට 

Published in පුවත්
Friday, 22 March 2024 08:42

එළැඹෙන උත්සව සමයේදී  පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්  පැවසීය.

ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන  ක්‍රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා  සඳහන් කළේය.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්  මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.  

පසු අස්වනු තාක්ෂණය ගොවීන් අතර ප්‍රචලිත කරමින් අස්වනු හානිය අවම කිරිමටත්, ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට  රට සූදානම් කිරීමටත් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මෙසේ ද පැවසීය.

ගොවි ජනතාවගේ  වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මේ වනවිටත් සපයා ගෙන තිබෙනවා. පසුගිය කාලයේ එළවළු සහ පලතුරු මිල විශාල ලෙස ඉහළ ගියා. කෘෂිකර්ම අමාත්‍යංශය මැදිහත්ව එළවළු  සහ පලතුරු  නිෂ්පාදනය වැඩි කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව  වෙළඳපොළ තුළ එළවළු සහ පලතුරු මිල යථා තත්ත්වයට පත් කිරීමට හැකි වුණා. මේ වන විට අප  පාරිභෝගිකයාත්  නිෂ්පාදකයාත් රැකගෙන  ඉදිරියට යාමේ ක්‍රමවේදයක් සකස් කරමින් සිටිනවා.

පසුඅස්වනු  තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දෙමින් අස්වනු නාස්තිය අවම කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා මස් සහ බිත්තර නිෂ්පාදනයෙන් රට ස්වයංපෝෂිත කිරීමට ද කටයුතු  කර තිබෙනවා. එසේම කිරි නිෂ්පාදනය  ඉහළ නැංවිමට  කෘෂිකර්ම අමාත්‍යාංශය ලෙස වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.  සත්ව නිෂ්පාදන ඉහළ නැංවීම වෙනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පළාත් සභා 09 එක්ව  සත්ව පාලනයේ ගුණාත්මකභාවය  ඉහළ දැමීම සඳහාද  කටයුතු කර තිබෙනවා. ඒ වගේම ප්‍රංශ ආධාර ඇතිව  දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කර්මාන්ත ශාලා 06ක් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. එයින් කර්මාන්තශාලා 03ක් මේ වනවිටත් විවෘත කර තිබෙනවා.

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟකින් තොරව සාධාරණ මිලට ලබා ගැනීමේ හැකි පසුබිමක් නිර්මාණය කිරීමට රජය කටයුතු කර තිබෙනවා. වත්මන් රජය ගෙන ගිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය නිසා පාරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණවත් පරිදි නිෂ්පාදනය කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ අනුව ජාතික අලුත් සහල් මංගල්‍යය ලබන මස 6 වෙනිදා ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී  ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට  සියලු කටයුතු සංවිධාන කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගනු ලැබුවේ  අයාලේ ගිය රටක්. බංකොලොත්  සහ විදේශ ආධාර නවතා දැමුණු රටක් අද වන විට යථා තත්ත්වයට පත් කර ගැනීමට වත්මන් ජනාධිපතිවරයාට හැකිව තිබෙනවා. ජනතාව ජීවත් කිරීමේ අභියෝගය සහ අනාගතයට සුදුසු තරුණ පරම්පරාව බිහි කිරීමේ වගකීම රජය මේ වන විට සාර්ථකව ඉටුකරමින් තිබෙන බවද පැවසිය යුතුයි. ඒ වගේම වැඩිහිටි පුද්ගලයන් රැක ගැනීම , අඩු ආදායම්ලාභීන්ට “අස්වැසුම“ ලබාදීම වැනි සුබසාධක වැඩසටහන් රාශියක් ද මේ වන විට  රජය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

Last modified on Friday, 22 March 2024 09:08

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us