ඇමති රමේෂ්, වේගයෙන් නැගී සිටීමට බලපෑ හේතුව කියයි

Published in පුවත්
Friday, 22 March 2024 09:43

පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව වඩා වේගයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවූයේ ශක්තිමත් මානව සම්පතක් තිබූ නිසා බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ  පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ පාඨමාලා හැදෑරූ ඩිප්ලෝමාධාරීන් හට ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇඟළුම් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් ලෝකය පුරාම පවතින බවත්, ඇඟලුම් වලට මෝස්තර නිර්මාණවලින් ලැබෙන දායකත්වය අති විශාල වන නිසා රටට විදේශ විනිමය ලබාදීමේ වැඩි අවස්ථාවක් මෙම මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රය සතුවන බව පැවසීය.

අවුරුදු 450ක් වැනි දීර්ඝ කාලයක් අර්ධ වශයෙන් හා පූර්ණ වශයෙන් යටත් විජිතයක් ලෙස පැවති ශ්‍රී ලංකාව එලෙස යටත් විජිත ලෙස පැවති කලාපයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ඉහළ දියුණුවක් ලබා තිබෙන බවත්  මෙයට හේතුව ලංකාවේ ශක්තිමත් මානව සම්පතක් තිබීම බවත් ඇමතිවරයා පැවසූහ.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

රටවල් 190ක් අතරින් 73 වන ස්ථානය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙනවා.නිදහසින් පසුව ලංකා රජය නිදහස් අධ්‍යාපන පනත සම්මත කර, නිදහස් අධ්‍යාපනය හඳුන්වා දී අධ්‍යාපනය දියුණු කිරීමට විශාල වශයෙන් කටයුතු කරා.

මේ වන විට ලංකාවේ නිදහස් අධ්‍යාපනය මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයද ඉතා විශිෂ්ට තත්ත්වයක පවතිනවා.

මෙම ප්‍රධාන හේතූන් 2 ලංකාවේ මානව සම්පත වඩාත් ශක්තිමත් කිරීමට හේතු වුණා.

ලෝකයේ අනිකුත් රටවලට වඩා ඉක්මනින් පසුගිය කාලයේ ඇතිවූ ආර්ථික අර්බුද වලින් මිදීමටද ශ්‍රී ලංකාවට හැකි උනේ මෙම ශක්තිමත් මානව නිසා”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us