වසර 60 කට පසු Shell ඉන්ධන නැවත ශ්‍රී ලංකාවට  

Published in පුවත්
Friday, 22 March 2024 11:12

Shell සන්නාමය සහිත ඉන්ධන සිල්ලර වෙළඳාම මෙරට තුළ නැවත ආරම්බ කෙරේ. Shell Brands International AG (Shell) සහ RM Parks (Private) Limited සමාගම් අතර ගිවිසුම් අත්සන් කිරීම මේ වන විට සිදු ඇති අතර ඒ් අනුව Shell සන්නාමය සහිත ඉන්ධන පිරවුම් හල් මේ වසර අගදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට පිවිසෙනු ඇත.

RM Parks (Private) Limited යනු ට්‍රයිස්ටාර් සමූහයේ (Tristar) හවුල්කාරි ව්‍යපාරයක් වන අතර එය තෙල් හා ගෑස් කර්මාන්තයෙහි යෙදෙන පූර්ණ ඒකාබද්ධ බලශක්ති සැපයුම් ව්‍යාපාරයකි. එමෙන්ම RM Parks උතුරු ඇමරිකානු ඉන්ධන සිල්ලර වෙළඳපොලේ පළපුරුදු ෂෙල් ඉන්ධන බෙදාහරින්නෙකි.

RM Parks (Private) Limited විසින් ශ්‍රී ලංකාව පුරා දැනට පවතින සිල්ලර ඉන්ධන පිරවුම්හල් 150 ක ජාලයක් Shell වෙත නැවත සන්නාමය කරනු ලබන අතර, එය 2023 දී ශ්‍රී ලංකා ඛනිජ තෙල් හා බලශක්ති අමාත්‍යාංශය විසින් මූලික වසර 20 ක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත.

ලොව පුරා ගුණාත්මක ඉන්ධන, ලිහිසි තෙල් බෙදාහැරීමේ ගෝලීය ප්‍රමුඛයා ලෙස Shell සතු අත්දැකීම් සමඟ ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට Shell හි ඉන්ධන සහ ලිහිසි තෙල් කළඹ වෙත ප්‍රවේශය ලබා දෙනු ඇත.

පළමු Shell සන්නාමය සහිත පිරවුම් ස්ථානය 2024 තුන්වන කාර්තුවේදී විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.

ට්‍රයිස්ටාර් හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ඉයුජින් මේන් පැවසුවේ “මෙය 2024 සඳහා විශිෂ්ට ආරම්භයක් වන අතර ශ්‍රී ලංකාවේ ඉන්ධන කර්මාන්තයට ශක්තිමත් ප්‍රවේශයක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු. RM Parks වැනි වටිනා හවුල්කරුවෙකු සමඟින් සහ Shell සන්නාමයේ ශක්තිය උපයෝගී කරගනිමින්, ශ්‍රී ලංකාව තුළ අපගේ පිය සටහන් වර්ධනය කර ගැනීමට ඇති අවස්ථා අසීමිත වන අතර, රට තුළ තවදුරටත් තෙල් හා ගෑස් ආයෝජන සිදුකිරීම සඳහා ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

RM Parks Inc. හි සභාපති ජේසන් කැලිසන් පැවසුවේ “වසර 60 කට වැඩි කාලයකින් පසුව Shell සන්නාමය නැවත ශ්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් Shell සමඟ අපගේ දිගු හා වටිනා සබඳතාව දිගටම කරගෙන යාමට අපි සතුටු වෙනවා. ට්‍රයිස්ටාර් සමූහ ව්‍යාපාරය සහ ෂෙල් සන්නාමය සමඟ අපගේ ශක්තිමත් හවුල්කාරිත්වය සමඟින් ශ්‍රී ලංකාවේ අනාගත වර්ධන අවස්ථා අසීමිත බව අපට හැඟේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us