ශ්‍රී ලංකාවට වසර 6ක ණය සහන කාලයක්

Published in පුවත්
Friday, 22 March 2024 13:43

ඉන්දියාවට සහ පැරිස් සමාජයේ රටවල් සඳහා ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය සඳහා වසර 6ක සහන කාලයක් ලැබීමට ඉඩ ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ණය නැවත ගෙවීම ආරම්භ කළ පසු පොලිය ද අඩු කෙරෙතැයි අපේක්ෂා කෙරේ.

එසේම ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කර ඇති සැලසුම් සාර්ථකව ඉදිරියට යන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශංසාත්මකව පවසා ඇති බවද සඳහන් ය.

"සාකච්ඡා පවතින්නේ අවසන් අදියරේ. කොන්දේසි සම්බන්ධයෙන් මූලික එකඟතාවය ඉක්මණින් එළඹෙයි."

එම තොරතුරු සම්බන්ධයෙන් දැනුම්වත් නිලධාරියෙක් හෙළිකළ බව The Hindu වෙබ් අඩවිය වාර්තා කළේය.

එසේම මූලික එකඟතාවය සම්බන්ධයෙන් ණයහිමි රටවල නියෝජිතයින් ගෙන් සමන්විත කමිටුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබුණි.

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති රටවල් 17ක් එම කමිටුවේ සාමාජිකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා එම කමිටුව නිර්මාණය කර ඇති අතර නමුත් චීනය එහි සාමාජිකත්වය නොදරයි.

ඔවුන් එම සාකච්ඡා සඳහා එක් වන්නේ නිරීක්ෂකයෙක් වශයෙනි.

චීන ණය ගෙවීමේ ක්‍රමවේදය සහ අනෙක් රටවලට ණය ගෙවීමේ ක්‍රමවේදය එක සමාන කොන්දේසි මත එකඟවන බව ශ්‍රී ලංකාව අදාළ කමිටුවට පොරොන්දු වී තිබේ.

2022 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම පැහැර හැරීය. ගෙවීමට ඇති බාහිර ණය ඩොලර් බිලියන 50ක් බව සඳහන් ය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us