ස්ත්‍රී දූෂණවල වරදකරුවන්ට වයස අනුව දඩුවම ලිහිල් කරන්න බැහැ -පා .මන්ත්‍රීවරියන් නැගී සිටි

Published in පුවත්
Friday, 22 March 2024 13:33

ස්ත්‍රී දූෂණවලට වරදකරුවන් වන වයස අවුරුදු 22ට අඩු පුද්ගලයන්ට ලිහිල් දඬුවම් දීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනාවට විරෝධය පෑමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදය විසින් තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ කාන්තා සංසදයේ උප සභාපතිනි, රෝහිණී විජේරත්න මන්ත්‍රිවරිය සඳහන් කළේ, එවැනි යෝජනාවක් පනත් කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

අවුරුදු 16ට අඩු දැරියන් තමන්ගේ කැමැත්තෙන් හෝ ලිංගික අපයෝජනයකට ලක් කිරීම පවතින නීතියට අනුව වසර විස්සක බරපතළ සිරදඬුවම් හිමිවන වැරැද්දක් වනවා.

එවැනි අපයෝජනවලට වරදකරු වන තැනැත්තා වයස අවුරුදු 22ට වඩා අඩුවන අවස්ථාවලදී ඔහුට ලිහිල් සිරදඬුවමක් පනවන ලෙසට අධිකරණ අමාත්‍යාංශය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

රෝහිණී විජේරත්න මන්ත්‍රිවරිය වැඩිදුරටත් පැවසුවේ, එම යෝජනාව සමාජයට, සංස්කෘතියට මෙන්ම ගැහැණු දරුවන්ගේ ආරක්ෂාවට අහිතකර අන්දමින් බලපෑ හැකි බැවින් එම යෝජනාවට කිසිසේත් එකඟ නොවන බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us