සතොස ළුෑණු , කව්පි ,බාස්මති ,සීනි ,සොයාමිට් ඇතුළු අතවශ්‍ය භාණ්ඩ 9 ක මිල පහළ දමයි

Published in පුවත්
Friday, 22 March 2024 13:24

උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහළ දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, රුපියල් 650ක්ව පැවති ලොකු ළුෑණු කිලෝවක මිල රුපියල් 100 කින් අඩුකර ඇති අතර, රතු කව්පි රුපියල් 52කින් සහ සුදු කව්පි කිලෝග්‍රෑමයක් රුපියල් 50 කින් අඩුකර තිබේ.

රුපියල් 670 ක්ව පැවති බාස්මති සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 20කින් අඩුකර ඇති අතර, රතු ළුෑණු කිලෝග්‍රෑමයක් අඩුකර ඇත්තේ රුපියල් 10කින් පමණක් බවයි පැවසෙන්නේ.

මීට අමතරව සුදු සීනි, දුඹුරු සීනි රුපියල් පහකින් අඩුකර තිබෙනවා.

එසේම රුපියල් 600ක්ව පැවති සෝයාමීට් කිලෝග්‍රෑමයක මිල පහත දමා ඇත්තේ රුපියල් 05 කින් පමණි.

ලංකා සතොස ආයතනය සඳහන් කළේ, දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලයෙන් එම භාණ්ඩ මිලදී ගත හැකි බවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us