දූෂණ විරෝධී වීරයා කෙජ්රිවාල්, දූෂණ චෝදනාවකට අත්අඩංගුවට  

Published in විදෙස්
Friday, 22 March 2024 11:10

නවදිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, නගරයේ මත්පැන් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එල්ල වී ඇති දූෂණ චෝදනා මත ඉන්දියාවේ මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ පක්ෂය පවසයි.

දශකයක් පැරණි කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂයේ (AAP) තවත් ප්‍රධාන නායකයින් දෙදෙනෙකුද දුෂණ චෝදනා මත සිරගතව සිටි. මෙම පක්ෂය ආරම්බ කෙරුණේ රාජ්‍යයේ වංචාවට දුෂණයට විරුද්ධ ප්‍රධාන සටන් පාඨ ගොන්නක් සමගය. ඉතා කෙටි කාලයක් කුළ ජනප්‍රිය වූ මෙම පක්ෂය ඉන්දියාවේ දේශපාලනය තුළ තීරණාත්මක බලපෑමක් එල්ල කිරීමට සමත් විය.

කෙසේ නමුත් දිල්ලියේ මුදල් අමාත්‍ය අතිෂි සිං, එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මෙම අත්අඩංගුවට ගැනීම අවලංගු කිරීමට උත්සාහ කරන බව පැවසීය. "අපි අද රාත්‍රියේම ශ්‍රේෂ්ඨාධිකරණයේ හදිසි විභාගයක් ඉල්ලා සිටියා" ඇය පැවසුවාය.

පක්ෂය චෝදනාවලට එරෙහිව සටන් කරන අතරේ කෙජ්රිවාල් දිල්ලියේ මහ ඇමතිවරයා ලෙස දිගටම කටයුතු කරනු ඇති බව ද සිං පැවසීය. ඔහු අත්අඩංගුවට ගැනීම අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් සංවිධානය කරන ලද “දේශපාලන කුමන්ත්‍රණයක්” ලෙස ඇය පවසයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us