එම පත්වීම අප්‍රේල් 01දා සිට බලපැවැත්වෙන අතර ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනයේදී ඇය වෙත පිරිනමා තිබේ.
තිලකා ජයසුන්දර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියකි. ඇය 2021 වසරේ රජයේ කාර්ය සාධන කළමනාකරණය සහ මිනුම්කරණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිනියක වන අතර වර්තමානයේ ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරයි.